කොවිඩ් සටනට ඉන්දියාවෙන් ඇඳන් 10,000ක රෝහලක්


කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඉන්දියාව, ඊට එරෙහිව සටන් කිරීම සඳහා ලොව විශාලතම රෝහල් වලින් එකක් විවෘත කර තිබේ.

මේ අතර ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් රටේ විශාලතම දෛනික නව ආසාදන සංඛ්‍යාව ඉහළ නැංවීම නිවේදනය කර ඇත.

ඉන්දියාවේ විශාලතම පහසුකම් සපයන ඇඳන් 10,000කින් යුතු සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉරිදා අර්ධ වශයෙන් ක්‍රියාත්මක වූයේ ඇඳන් 2,000ක් සමග බව දිල්ලි රජය පවසයි.

දිල්ලියේ චත්තර්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි ඉතිරි ඉතිරි ඇඳන් 8,000 බදාදා සිට භාවිතයට ගැනෙන බව කියයි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සෙනසුරාදා මෙම සත්කාර මධ්‍යස්ථානය නැරඹීමට පැමිණියහ.

රෝහල විවෘත කිරීම ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉරිදා නිකුත් කළ දත්ත සමග සමපාත වූ අතර එය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික සංඛ්‍යාවේ විශාලතම වැඩිවීම පෙන්නුම් කරයි.

ඒ අනුව රට තුළ නව ආසාදන 19,906ක් සහ නව මරණ 410ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 528,859 ක් සහ මරණ 16,095ක් වාර්තා වී තිබූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

මුම්බායි හි නව කොරෝනා ආසාදිතයන් ඉක්මවා යමින් දිල්ලිය බදාදා රටේ දරුණුතම බලපෑමට ලක්වූ නගරය බවට පත්විය.



Recommended Articles