කොවිඩ් සටන ජයගත් වුහාන් තාරුණ්‍යයට මංගල සීනු වැයේ


කොවිඩ්-19 වසංගතය මුලින්ම පැතිර යාම ආරම්භ වී මේ වනවිට වෛරසයෙන් සම්පූර්ණයෙන්ම පාහේ නිදහස් වී සිටින චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙහි තරුණ තරුණියන්ගේ විවාහ මංගල්‍යයන් ඉහළ ගොස් තිබේ.

සති ගණනාවක් සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා තිබූ වුහාන් නගරය පසුගියදා යළිත් සුපුරුදු සාමාන්‍ය ජනජීවිතයට විවෘත කෙරී ඇත.

මෙම කාලය තුළ නිවෙස් තුළ සිරවී සිටියදී සමාජ මාධ්‍ය හරහා ඇති වූ සබඳතාවන්ද මේ ආකාරයෙන් විවාහයන්ගෙන් කෙළවර වන බවක් දැනගන්නට තිබේ.

"අද විශේෂ දවසක්, මටත් වුහාන් නගරයටත් නව ආරම්භයක් "යැයි බදාදා විවාහ වූ වුහාන් පදිංචිකරුවෙකු වන ෂු ලින් පවසයි.

පසුගිය සිකුරාදා වුහාන් රජය සිය විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලය නිල වශයෙන් නැවත විවෘත කළ නමුත්, මේ සතියේ විවාහ මංගල්‍යයන් ඉතා උනන්දුවෙන් ආරම්භ වූයේ නගරය වසා දැමීමේ සීමා ඉවත් කිරීමත් සමගිනි.

වුහාන් සඳහා රජයේ යෙදුම් කිහිපයක් ක්‍රියාත්මක කරන තාක්ෂණික දැවැන්තයෙකු වන අලිබබා අනුබද්ධ සමාගමක් වන අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවය සඳහා සාමාන්‍ය පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ. එහිදී සමාජ මාධ්‍යවල බොහෝ පරිශීලකයන් පැමිණිලි කළේ ඔවුන්ට එයට පිවිසිය නොහැකි බව පවසමිනි.



Recommended Articles