මාස ගණනාවක් පුරා සිංගප්පූරුව ලෝකයේ සැබෑ කොවිඩ්-19 සාර්ථක කතාවලින් එකක් ලෙස තිබුණේ, කොවිඩ් ශුන්‍ය උපාය මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසුවය.
එහිදී වෛරසය මුළුමනින්ම තුරන් වූ අතර ඇදහිය නොහැකි තරම් අඩු මරණ සංඛ්‍යාවක් සමග ජාතිය අගුලු දැමීමෙන් මිදීමටද එරටට හැකිවිය.
එය ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සහිත රටවලින් එකකි. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේ ජනගහනයෙන් 84%ක් මේ සතියේ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ වසරේ ජුනි මාසයේදී ඒ සියල්ල වෙනස් වූයේ සිංගප්පූරු රජය කොවිඩ් සමඟ ජීවත් වීම සඳහා දැඩි හැරවුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.
මේ තුළින් දැන් ඇතිවී තිබෙන නරක ආරංචිය නම් කොවිඩ්-19 කිසිවිටෙකත් පහව නොගොස් තිබීමය. නමුත් එහි ශුභාරංචිය නම්, එය සමග සාමාන්‍යයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබීමය.
එසේ කොවිඩ්-19 මුලිනුපුටා දැමීමට නොහැකි නිසා, ඉන්ෆ්ලුවෙන්සා හෝ පැපොල වැනි අඩු තර්ජනාත්මක දෙයක් බවට පත් කර ඒ සමග ජීවිතය ඉදිරියට ගෙනයාම සිංගප්පූරුවේ උපාය මාර්ගය විය.
නමුත් ලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි කාලයක් ගත නොවීය. දැන් එරට කොවිඩ් රෝගීන්, රෝහල් ගත කිරීම් සහ මරණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මේ වනවිට එරට දෛනික මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මිලියන 5.6ක්වූ කුඩා ජාතියට මෙය දරාගත නොහැකි තත්ත්වයකි. එමෙන්ම දෛනික ආසාදිතයන්ගෙන්ද වර්ධනයක් දැකිය හැකිය.
ඒ අනුව මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය සැලකිල්ලට ගෙන නැවත හඳුන්වා දුන් කොවිඩ්-19 සීමාවන් නොවැම්බර් 21දා දක්වා දීර්ඝ කරන බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.