කොවිඩ් වසංගතය අවසන් වීමට ආසන්න නෑ - WHO


නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වසංගතය අවසන් වීමට තව බොහෝ දුරක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ජිනීවා නුවර ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ටෙඩ්‍රොස් පැවසුවේ මේ වසංගතය අවසන් වීමට ආසන්න නොමැති බවයි.

"බොහෝ රටවල් ගෝලීය වශයෙන් යම් ප්‍රගතියක් ලබා ඇතත්, වසංගතය සැබවින්ම වේගවත් වෙමින් පවතිනවා. අපි සියල්ලෝම මේ සඳහා එක්ව සිටිය යුතුයි. අපි සියල්ලෝම දිගු කලක් තිස්සේ මේ වෙනුවෙන් සිටිය යුතුයි" යැයි ටෙඩ්‍රොස් පැවසීය. "අපට දැනටමත් බොහෝ දේ අහිමි වී තිබෙනවා. නමුත් අපට බලාපොරොත්තු නැතිකර ගත නොහැකියි."



Recommended Articles