කොවිඩ් රෝගීන් අඩුවක් තිබුණත් මරණ වැඩිවීමක්


ගෝලීය වශයෙන් පසුගිය සතියේ වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදිතයන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පහත වැටී තිබියදීත්, කොවිඩ්-19 ආශ්‍රිත මරණවල වැඩිවීමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

ටෙඩ්‍රොස් පැවසුවේ පසුගිය මාසය තුළ වාර්තා වූ කොරෝනා වෛරස් මරණ 35%කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ මරණ 15,000ක් වාර්තා වී ඇති බවයි.

“සතියකට මරණ 15,000ක්. ආසාදන වැලැක්වීමට සහ ජීවිත බේරා ගැනීමට අපට සියලු මෙවලම් ඇති විට මෙවැනි මරණ සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි.” ටෙඩ්‍රොස් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles