කොවිඩ් -19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට ද්විත්ව පෙනහළු බද්ධ කිරීමක් සාර්ථකව සිදුවී ඇති බව චිකාගෝ හි වයඹදිග අනුස්මරණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු නිවේදනය කරයි.
එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගියකුට මෙවැනි සැත්කමක් සාර්ථකව සිදුකළ පළමු වැනි අවස්ථාව මෙය බව ඔවුන් විශ්වාස කරන අතර, මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් පෙනහළුවලට හානිවන රෝගීන්ට නව බලාපොරොත්තුවක් ලබාදීමට රෝහලට හැකිවී තිබේ.
වයස අවුරුදු 20ක් වූ මෙම තරුණිය කොවිඩ්-19 වෛරසයට ගොදුරුව සති හයකට වැඩි කාලයක් කෘත්‍රිම ශ්වසය ලබමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගතකර තිබුණේ තම සිරුරේ වූ නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරමිනි. මේ වනවිට ඇගේ පෙනහළුවලට දැඩි හානි සිදුව තිබූ බවත්, පෙනහළු බද්ධ කිරීමකින් තොරව ඇය බේරාගැනීමට නොහැකි බවත් වෛද්‍යවරු තීරණය කර ඇත.
අතිශය සංකීර්ණ වූ මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම සිදුකර ඇත්තේ එම රෝහලේ ශල්‍ය වෛද්‍ය අන්කිත් භාරත් වෛද්‍යවරයාගේ මූලිකත්වයෙන් වන අතර, ඇය වෛරසය සඳහා සෘණාත්මක බව තහවුරු වූ වහාම පැය 48ක කාලයක් පුරා මෙම සංකීර්ණ ව්‍යායාමය ඔවුන් විසින් සිදුකර තිබේ.