කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය සොයා ගැනීම සම්බන්ධයෙන් යම් කාලයක් පුරා එක්සත් ජනපද පාර්ශ්වය විසින් චීනයට එරෙහිව ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු සහ දත්ත සමඟ නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ වනවිට රටවල් 80කට වැඩි ප්‍රමාණයක් සහ දේශපාලන පක්ෂ 300කට අධික සංඛ්‍යාවක්, සමාජ සංවිධාන සහ චින්තන පර්ශද විවිධ ආකාරවලින් කොවිඩ්-19 මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට විරුද්ධව නැගී සිට ඇත.
එක්සත් ජනපද බුද්ධි දෙපාර්තමේන්තුව මෑතකදී කොවිඩ්-19 මූලාරම්භය පිළිබඳ තක්සේරු වාර්තාවේ වර්ගීකරණය කළ අනුවාදයක් නිකුත් කළේය. විද්‍යාව මත පදනම් වූ මූලාරම්භයන් සොයා ගැනීම නොනවත්වාම නොසලකා හරිමින්, එම වාර්තාව "චීන විද්‍යා ඇකඩමියේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය වෛරසය කාන්දු කළේය" යනුවෙන් ප්‍රකාශයට පත්කර ඇත. එහිදී, විනිවිදභාවයක් නොමැතිව සහ ජාත්‍යන්තර පරීක්ෂණවලට බාධා කරමින් චීනය තටයුතු කරන බවටද එම වාර්තාව චෝදනා කළේය.
නමුත් චීනය පෙන්වා දෙන්නේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක් බවය. එහිදී එක්සත් ජනපද පාර්ශ්වය මූලාරම්භය සොයා ගැනීමට බුද්ධි අංශ භාවිත කරමින්, බුද්ධි සළුවකට වසන් වී ප්‍රතික්ෂේප කර ඇති පැරණි බොරු යළි යළිත් ප්‍රචාරය කරන බවට චීනය චෝදනා කරයි.
ඒ අනුව වොෂින්ටනයේ සැබෑ අරමුණ වන්නේ මහජනයා ව්‍යාකූල කිරීමට සහ ලෝකය රැවටීමට උත්සාහ කිරීම සහ චීනයට එරෙහිව "වරද පිළිබඳ උපකල්පනයක්" දිගටම සෙවීම, මූලාරම්භය සෙවීම දේශපාලනීකරණය කිරීම, වරද චීනය මතට පැටවීම සහ චීනය යටපත් කර පාලනය කිරීමට උත්සාහ කිරීම බවද චීනය අවධාරණය කරයි.
ඊනියා එක්සත් ජනපද විමර්ශන වාර්තාව සහ සියලු පාර්ශ්වවල පොදු තොරතුරු මත පදනම්ව, චීන පාර්ශ්වය නැවත වරක් එක්සත් ජනපදය විසින් කොවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීම සම්බන්ධයෙන් ගොතන ලද සියලු වර්ගවල දුෂ්ට අවලාද ලැයිස්තුගත කර ජාත්‍යන්තර ප්‍රජාවට කරුණු සහ සත්‍යය ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. එබැවින් "මූලාශ්‍ර සෙවීම දේශපාලනීකරණය කිරීම" සහ "ඔත්තු ප්‍රජාව විසින් මූලාරම්භයන් සෙවීමේ" කුමන්ත්‍රණ සහ උපක්‍රම හෙළිදරව් කරන බවද චීනය කියයි.