කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳව සොයාගන්නා තුරු ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
අද්නෝම් ගෙබ්‍රයේසුස් මෙම අදහස් පළ කළේ කොවිඩ් මූලාරම්භය සෙවීම පිළිබඳ විමර්ශන අත්හිටුවා ඇති බවට පළවන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමිනි.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැනීමක් වනු ඇති බව කියැවේ.
“පිළිතුරු සොයා ගන්නා තුරු ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අපට අවශ්‍යයි. මේ වෛරසයේ ආරම්භය සහ එය පැතිරුණු ආකාරය සොයා ගැනීම අතිශය වැදගත් සහ තීරණාත්මකයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියේය.