කොවිඩ් මුල් මරණය ජනවාරි මුල බව ඇමෙරිකාව පිළිගනී


අලුතින්ම නිකුත් කරන ලද එක්සත් ජනපදයේ මරණ පිළිබඳ වාර්තාවලින් පෙන්නුම් කෙරෙන්නේ, කලින් නිල වශයෙන් වාර්තා වූවාට වඩා සති කිහිපයකට පෙර 2020 ජනවාරි මස මුලදී එරට පළමු වැනි කොවිඩ්-19 මරණය සිදුව ඇති බවයි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් නිකුත් කරන ලද දත්තවලින් ඇඟවෙන්නේ 2020 පෙබරවාරි 6 දින සිදුවූ බවට මුලින් සඳහන් වූ කොවිඩ්-19 මරණයට පෙර එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ 6ක් සිදුවීඇති බවයි.

ඒ අනුව එරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව තිබේ.

එක්සත් ජනපදයේ 'ද මර්කරි නිව්ස්' පුවත්පත සඳහන් කළේ, එක්සත් ජනපදයට කොවිඩ්-19 පැමිණ ඇති කාල වකවානු මෙම දත්ත සමග සංශෝධනය කළ යුතුව ඇති බවයි.



Recommended Articles