කොවිඩ් මරණ 190,000ක් - ආසාදිතයන් 2,700,000 පනී


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදනය වූවන් ලක්ෂ 27 ඉක්මවා යමින්, අද (24දා) උදෑසන වනවිට 2,703,615ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 190,000ක් ඉක්මවා යමින්, 190,549ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

මේ දක්වා වෛරසය ආසාදිතව රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,032ක් ලෙස එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles