ඇමෙරිකවේ කොවිඩ්-19 මරණ 100,000ක් ඉක්මවා යනු ඇති බව පසුගිය සතියේ පුරෝකථනය කළත්, එය ඊට වඩා අඩුවිය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.
"අපි 100,000කට වඩා සැලකිය යුතු සංඛ්‍යාවකට යොමු වී ඇති බව පෙනෙනවා. එය අඩු ලකුණ වනු ඇති" යැයි ට්‍රම්ප් පවසයි
ට්‍රම්ප් කියා සිටියේ ප්‍රක්ෂේපන අඩු කිරීමට ඇමෙරිකානු ජනතාව දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කර ඇති බවයි.
එමෙන්ම කොරෝනා මරණ 60,000ක් තවමත් සැලකිය යුතු සංඛ්‍යාවක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ, නව පුරෝකථනයක් පිළිබඳ ඉඟි කරමිනි. කෙසේ වෙතත් එය ඔහු මීට පෙර සඳහන් කළ ප්‍රක්ෂේපනයට වඩා බෙහෙවින් අඩු අගයකි.
"ඔබට 60,000ක් තිබුනේ නම්, ඔබට කිසිවිටෙකත් සතුටු විය නොහැකි යැයි විශ්වාස කිරීමට අපහසුයි. නමුත් එය අපට මුලින් පැවසූ සහ සිතනවාට වඩා බොහෝ අඩුයි" ඇමෙරිකානු නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.