කොවිඩ් බැටදුන් දිල්ලියට විදුලි අර්බුදයත් බැටදෙයි


ඉන්දියාවේ අගනුවර විදුලිබල අර්බුදයක් පවතින බවට අනතුරු අඟවමින්, නගරයට සපයන සමහර ප්‍රධාන ගල් අඟුරු බලාරවල දිනකට පමණක් ප්‍රමාණවත් ගල් අඟුරු පවතින බව දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් පවසයි.

නැගෙනහිර සහ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකටම සැපයුම් හිඟයක් ඇති වී ඇති අතර, මේ තත්ත්වය තුළ විදුලිය ඇණහිටීම් සිදුවන බව වාර්තා වෙයි.

ලෝකයේ දෙවැනි විශාලතම ගල් අඟුරු පරිභෝජනය කරන ඉන්දියාවේ ඇති වී තිබෙන සැපයුම් හිඟය ගෝලීය සැපයුම් දාමයන්ටද දැඩි ලෙස හානි පමුණුවනු ඇති බවද කියයි.

පසුගිය මාස තුන තුළ බලශක්ති සැපයුම සමග එරට ප්‍රධාන නගරය අසීරුතාවයට පත් වී ඇති බවත්, විශේෂයෙන් දිල්ලියට බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවටත් කෙජ්රිවාල් අනතුරු ඇඟවීය.

"මම පෞද්ගලිකවම තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා. එය වළක්වා ගැනීමට අපි උපරිම උත්සාහයක් දරනවා" කෙජ්රිවාල් පැවසීය.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් දැඩි පීඩාවකට ලක්ව සිටි දිල්ලිය මේ වනවිට බලශක්ති අර්බුදයකින් පීඩා විඳීම තුළ මහ ඇමතිවරයා අර්බුදය වහාම විසඳන ලෙස මෝදිගෙන් ඉල්ලා තිබේ.



Recommended Articles