කොවිඩ් පියවර බලාත්මක කිරීමට බ්‍රසල්ස් විරෝධතා


බෙල්ජියමේ රජය නව කොරෝනා වෛරස් සීමාවන් සමග නිවසේ රැඳී සිටීමට පුරවැසියන් දිරිමත් කිරීමට උත්සාහ කරන විට, කෝපයට පත් විරෝධතාකරුවන් ඉරිදා බ්‍රසල්ස් නුවරදී පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.

දස දහස් ගනනක් ජනයා රටේ අගනුවර හරහා පෙළපාලි යමින්, 'නිදහස සඳහා එක්වවු' යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කළේය.

රාත්‍රිය උදාවත්ම, උද්‍යානයක් අසල ප්‍රචණ්ඩකාරී පෙලපාලිකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

ඊට පෙර දින උදෑසන විරෝධතාකරුවන් දුම්රිය ස්ථානයකට රැස්ව සිටියේ 'නිදහස සඳහා බෙල්ජියානුවන්' සහ 'වෙනස් කොට සැලකීම නවත්වන්න' වැනි සටන් පාඨ සහිත පුවරු රැගෙනය.

බෙල්ජියමේ බාර් සහ අවන්හල් තුළ වාඩි වීමට නම්, දැන් COVID Safe Ticket ලෙස හැඳින්වෙන විශේෂ ජංගම දුරකථන යෙදුමක් සමග එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.



Recommended Articles