කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බලමුළු ගැන්වීම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
"කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මා ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වුණා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට හා කලාපයේ රටවලට ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී අප සාකච්ඡා කළා. එහිදී කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බලමුළු ගැන්වීම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මා ස්තූතිවන්ත වෙනවා" යැයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.