කොවිඩ් පැතිරීම මිනිසුන්ගෙන් සිදුවන්නට ඇති බවට අදහසක්


කොවිඩ්-19 වෛරසය බොහෝවිට මිනිසුන්ගෙන් පැතිරෙන්නට ඇති බව චීන විද්‍යාඥයෙකු අනාවරණය කරයි.

වූහාන් මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතව ලබාගත් වෛසරයේ ජාන සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒ බොහෝ සාම්පල දැරූ අය වෛරසයට නිරාවරණය වී තිබූ බව හෙතෙම සඳහන් කරයි.

මෙම වූහාන් මත්ස්‍ය වෙළෙඳපොළ සැලකෙන්නේ කොරෝනා වෛරසයේ නිජබිම ලෙසිනි. නමුත් චීනය මෙම අදහස ප්‍රතික්ෂේප කරයි.

රසායනික තාක්ෂණය පිළිබඳ බීජිං විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ටොන්ග් යිගැන්ග් මෙම අදහස් පළ කර තිබේ.



Recommended Articles