උතුරු කොරියාව තුළ පළමු වැනි වරට නිල වශයෙන් තහවුරු කළ කොවිඩ්-19 පැතිරයාමේ තත්ත්වය ගැන එරට නායක කිම් ජොන්ග්-උන් විසින් රජයේ නිලධාරීන්ට චෝදනා කර තිබේ.
ඔවුන්ගේ ප්‍රතිචාරය නොමේරූ එකක් බව ඔහු පවසා ඇත්තේ, උණ තත්ත්වයෙන් පෙළුණු රෝගීන් රට පුරා පැතිරයාම සමග රජයේ නිලධාරීන් ප්‍රමාණවත් නොවූ සහ උදාසීන දායකත්වයක් දැක්වූ බව පවසමිනි.
මේ වනවිට එරටින් උණ රෝග ලක්ෂණ සහිත තවත් පුද්ගලයින් 232,880ක් වාර්තා වී ඇති අතර, පසුගිය සතියේ වෛරසය පැතිරයාමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 1.72ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, කොවිඩ්-19 සඳහා කොපමණ පිරිසක් ධනාත්මක බව පරීක්ෂා කර ඇත්ද යන්න සඳහන් නොවෙයි.
උතුරු කොරියාව යනු කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති රටවල් දෙකෙන් එකකි. අනෙක් රට වන්නෙ එරිත්රියාවයි. රට තුළ මෙතරම් වේගයෙන් වෛරසය පැතිරයාමට මෙම තත්ත්වය හේතු වී ඇත.