කොවිඩ් පාලනයට පසුබැසීම අත්වල ලේ තවරා ගැනීමක්


වසංගතය අවසන් වී ඇතැයි ධනවත් ජාතීන් සිතන්නේ නම්, ඔවුන් අඩු ආදායම්ලාභී රටවලටද එම ස්ථානයට ළඟාවීමට උපකාර කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් වෙත පැවසීය.

සම්මුඛ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් අනතුරු ඇඟවූයේ අනාගත ආසාදන රැල්ලට පෙරාතුව, දැන් ගෝලීය ගැටලුවක් ලෙස කොවිඩ්-19 අමතක කර දැමීමට ධනවත් ජාතීන් කටයුතු නොකළ යුතු බවයි.

පසුගිය සති කිහිපය තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ වසංගතයේ අවසානය පෙනෙන්නට තිබෙන බව පැවසූ අතර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ වසංගතය එක්සත් ජනපදයෙන් ඉවත්වී ඇති බවය.

ලොව පුරා COVID-19 එන්නත්, ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා සාධාරණ ප්‍රවේශයක් කෙරෙහි අවධානය යොමු කරන ඔහු සම්බන්ධීකරණය කරන කණ්ඩායම, වසංගතය පාලනය කිරීමේ හදිසි අදියරෙන් ඉවත් වීමට තවමත් සූදානම් නැති බවත්, තවත් ආසාදන රැල්ලක් ඇති නොවීමට රටවල් සූදානම්ව ප්‍රතිකාර කළ යුතු බවත් අයිල්වර්ඩ් පැවසීය.

"ඔබ දැන් නිදාගන්න ගියොත් තව මාස තුනකින් මේ රැල්ල අපිට වදිනවා. ඒ කියන්නෙ ඔබේ අත්වල ලේ තවරා ගැනීමක්" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles