ඵලදායී කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා ලෝකය බලා සිටින අවස්ථාවේදී, චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් වෛරසයට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සැපයිය හැකි ආශ්වාස කළ හැකි ප්‍රතිදේහ ප්‍රතිකාරයක් නිෂ්පාදනය කර ඇති බවයි.
SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක-බන්ධන ක්‍රියාකාරීත්වය මත පදනම් වූ මේ නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට වෛරසයේ බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් වැනි ප්‍රභේද ඵලදායී ලෙස උදාසීන කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
මීයන් යොදාගෙන සිදුකළ අත්හදා බැලීම්වලදී පර්යේෂකයන් විසින් නාසය හරහා ප්‍රතිදේහ ලබාදුන් අතර, සජීව වෛරසයක් හෝ මීයන්ගේ පෙණහලුවල හානියක් එමගින් අනාවරණය නොවූ අතර, මෙම නාසික ප්‍රතිකාරය වෛරස ආසාදන වැළැක්වීම සඳහා ඵලදායී ක්‍රමයක් බව පෙන්නුම් කර තිබේ.