කොවිඩ් පරීක්ෂා මධ්‍යස්ථාන පිපිරීමෙන් හානියක් නැතිලු


නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

මෙම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (03දා) දිනයේදී විවෘත කිරීමට මද වේලාවකට පෙර මෙම පිපිරීම සිදුව ඇත.

එම පිපිරීමෙන් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජනෙල් කැඩී ගොස් ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද නෙදර්ලන්ත පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බවද පොලීසිය කියයි.



Recommended Articles