කොවිඩ්-19 පරීක්ෂණ මන්දගාමී කිරීම පිළිබඳව ඔහු කළ ප්‍රකාශය විහිළුවක්දැයි ප්‍රශ්න කරනවිට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරිසෝනා හි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ධවල මන්දිරයෙන් පිටත්ව යනවිට "මම ළමයෙක් නොවෙයි" යනුවෙන් වාර්තාකරුවන්ට පැවසීය.
කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ දෙපැත්ත කැපෙන කඩුවක් බව යළිත් කියා සිටි ට්‍රම්ප්, රටේ පරීක්ෂණ වැඩසටහනට ප්‍රශංසා කරමින්ද කියා සිටියේ ලෝකයේ ඕනෑම තැනක විශාලතම පරීක්ෂණ වැඩසටහන එක්සත් ජනපදයේ ඇති බවයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔක්ලහෝමා හි ටුල්සා සිය ප්‍රථම ජනරැලියේදී කියා සිටියේ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ඉහළ යන්නේ පරීක්ෂණ වැඩි නිසා බවයි. ඒ නිසා පරීක්ෂා කිරීම් මන්දගාමී කරන ලෙස තමා පරිපාලනයට දැනුවූ බවද කියා සිටියේය.
නමුත් සෙනසුරාදා පැවති රැලියෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙළා දැකීමට සමහර පරිපාලන නිලධාරීන් උත්සාහ කර තිබුණු අතර, එය සම්පූර්ණයෙන්ම විහිළු සැපයීමක් බව ඔවුන්ගේ මතය විය.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක මැක්නානිගෙන් ප්‍රශ්න කරන විට ඇය කියා තිබුණේ ජනාධිපතිවරයා එය විහිළුවට කළ ප්‍රකාශයක් බවය. නමුත් ට්‍රම්ප් දැන් කියන්නේ තමා විහිළු කිරීමට ළමයෙකු නොවන බවයි.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,345,854ක් ලෙසත්, වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 121,176ක් ලෙසත් ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.