වත්මන් කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක තේරීමේ මැතිවරණය ලබන මැයි මස 08දා දක්වා ප්‍රමාද වන බව එහි වත්මන් ප්‍රධාන විධායක කැරී ලැම් ප්‍රකාශ කළාය.
මේ අතර, නාමයෝජනා කාලයද අප්‍රේල් 3 සිට 16 දක්වා කල් තබනු ඇත.
"මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය තීරණාත්මක තත්ත්වයක්" ලැම් මාධ්‍ය හමුවකදී පැවසීය.
නගරයේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ දිනය මුලින් සැලසුම් කර තිබුණේ මාර්තු 27 ලෙසිනි.
මේ අතර, නගරය පුරා කොවිඩ්-19 වෛරස් පරීක්ෂණ සහ වෛරසය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග මෙන්ම නිරෝධායන පහසුකම් සැකසීමට සැලසුම් කරන බව ලැම් පැවසීය. කෙසේ වෙතත් තත්ත්වය ස්ථාවර කිරීමට මාස දෙක තුනක් පමණ ගතවනු ඇතැයි ඇය ගණන් බලා ඇත. කෙසේ වෙතත් දැනට නගරය පුරා අගුලු දැමීමක් සිදු නොවන බවද ඇය පැහැදිලි කළාය.
පසුගිය සති දෙක තුළ එහි ආසාදිතයන් 22,487ක් වාර්තා වී ඇති අතර, ගත වූ පැය 24 තුළ නගරයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 3,629ක් තහවුරු වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කළේය. මේ අතර, චීනය විසින් හොංකෙං හි කොවිඩ්-19 තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ආධාර ලබාදීමද අරඹා තිබේ.