නව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.
ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ කෝවිඩ්-19 දශක කිහිපය තුළ ගැඹුරුම ආර්ථික අවපාතය ඇති කර ඇති බවයි.
2020 ගෝලීය ආර්ථිකය 5.2%කින් හැකිලෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන අතර, එය 2009 ගෝලීය ආර්ථික අවපාතය මෙන් තුන් ගුණයක අවපාතයකි.
"මෙය ඉතා ගැඹුරු බරපතල තත්ත්වයක්. මේ අර්බුදය දිගුකාලීන තුවාල කැළැල් ඇති කරනු ඇති. ඒ වගේම ඉදිරියේදී ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සිදුවේවි." යැයි ලෝක බැංකු සමූහයේ උප සභාපති සෙයිලා පැසාර්බසියොග්ලු පැවසීය.