කොවිඩ් නිසා ඉක්මනින් දුර්වල වියහැකි රටවලට EU ඩො.බි.6ක් වෙන්කරයි


නව කොරෝනා වෛරස වසංගතයෙන් ඉක්මනින් දුර්වල වියහැකි ලක්විය හැකි රටවලට උපකාර කිරීම සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 4.9 ක් (ඇ.ඩොලර් බිලියන 6ක්) ලබාදීමේ එකඟතාවකට පැමිණි බව යුරෝපීය කවුන්සිලයේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් කියයි.

'ගෝලීය ඉලක්කය - අපගේ අනාගතය සඳහා එක්සත් වන්න' යන සමුළුවේදී වොන් ඩර් ලේන් පැවසුවේ යුරෝපා සංගමය 'ප්‍රජාවන් නැවත ගොඩනැංවීම' අවශ්‍ය බවත් යුරෝපීය කොමිසම හා යුරෝපීය ආයෝජන බැංකුව සමඟ හවුල්කාරිත්වයක් ඇතිව මුදල් පොරොන්දු වූ බවත්ය.

"අපි මෙම වසංගතය සෑම තැනකම අවසන් වූ පසුව පමණක් අපගේ කාර්යභාරය අවසන් කරනවා" වොන් ඩර් ලේන් පැවසීය. "එයින් අදහස් කරන්නේ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඔවුන් ජීවත් වන ස්ථානය, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ පෙනුම කුමක් වුවත් පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබාගත හැකි බවයි."



Recommended Articles