කොවිඩ් නිසා ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල ICU පිරේ


එක්සත් ජනපදයේ නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, බොහෝ ප්‍රාන්තවල ආසාදිතයන් ඉහළ යෑම සමග පොරබදමින් සිටින්නේ රෝහල්ගත වීමේ වාර්තාගත සංඛ්‍යාවක් සමග දැඩි සත්කාර ඇඳන්වලද හිඟයක් ඇති කරමිනි.

එහිදී වයෝමිං, කෙන්ටකි, ටෙන්නසි, දකුණු කැරොලිනා, මිසිසිපි, ඇලබාමා, ජෝර්ජියා සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්ත හත තුළ පමණක් පසුගිය දින 7 තුළ ආසාදිතයන් 100,000කට වඩා වාර්තා වී ඇත.

එක්සත් ජනපදය පුරා රෝහල් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අරගල කරන විට සමහර ප්‍රාන්තවල දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟවී ඇත. සෞඛ්‍ය හා මානව සේවා දත්තවලට අනුව ඇලබාමා, ජෝර්ජියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ ආකන්සාස්වල ඇඳන් ඇත්තේ 10% කටත් අඩු ප්‍රමාණයකි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය පැතිරීම හේතුවෙන් රෝහල්ගත වීම 16 ගුණයකින් වැඩි වී ඇති බවයි.



Recommended Articles