කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 වර්ෂය අවසන් වනවිට ලොව පුරා තවත් මිලියන 130කට අධික ජනතාවක් බොහෝ කලක් පවතින සාගතයකට මුහුණදෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (13දා) නිකුත් කරන ලද වාර්තාවක් පවසයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින්, එය වසංගතය 'ගෝලීය ආහාර පද්ධතිවල අනාරක්‍ෂිතතා සහ අඩුපාඩු තීව්‍ර කරයි' යනුවෙන් ඉදිරිපත් කර තිබේ.
COVID-19 මගින් ඇති කරන ලද ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස 2020 දී අවම වශයෙන් තවත් මිලියන 83ක හෝ උපරිම මිලියන 130ක් ඉක්මවූ ජනතාවක් කුසගින්නෙන් පෙළෙනු ඇතැයි වාර්තාව ගණන් බලා තිබේ.
2019 දී මිලියන 690ක් පමණ කුසගින්නෙන් පෙළෙන බව වාර්තාව ගණන් බලා තිබේ. එය පෙර වසරට වඩා මිලියන 10කින් ඉහළ ගොස් ඇති අතර, කොවිඩ්-19 නිසා තවත් මිලියන 130ක් ඉක්මවූ ජනතාවක් කුසගින්නෙන් පෙළෙනු ඇතැයි කියැවෙයි.