චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කොවිඩ්-19 සඳහා මීට පෙර පැවති නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට තීරණය කර තිබේ.
එහි ප්‍රධාන විධායක ජෝන් ලී නිවේදනය කළේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් සඳහා නිරෝධායන නියෝගය ජනවාරි 30දා සිට ඉවත් කරන බවයි.
මේ වනවිට ලොව බොහෝ රටවල් එන්නත්කරණය සමග කොවිඩ්-19 සමග ජීවත්වීමේ පිළිවෙතට හුරුවී ඇති අතර, මෑතදී චීනය පවා සිය සීමාවන් බොහෝ දුරට ලිහිල් කරනු ලැබීය.