කොවිඩ් දෙවැනි රැල්ලක් සහ දෙවැනි උපරිමයක් අතර වෙනස WHO පැහැදිලි කරයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් හෝ දෙවැනි උච්චතම අවස්ථාවක් වර්ගීකරණය කිරීම සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

ස්විට්සර්ලන්තයේ, ජිනීවා හිදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය රයන් මෙම අදහස් මතු කළේය. එහිදී රයන් මෙම අවස්ථා දෙක අතර යම් වෙනස්කමක් පැහැදිලි කළේ මෙසේය.

රයන් දෙවැනි රැල්ල හඳුන්වනු ලැබුවේ, අඩු හෝ හඳුනාගත හැකි මට්ටමට ආසාදිතයන් සංඛ්‍යාව පහළ වැටීමකින් පසු, යම් අවස්ථාවක ආසාදිතයන් සංඛ්‍යාව වේගවත් ඉහළ යෑමක් පෙන්වීමක් ලෙසිනි.

"ඉතා අඩු හෝ ක්‍රියාකාරීත්වයක් නොමැති කාල පරිච්ඡේදයක් පවතිනවා. පසුව ආසාදිතයන් විශාල වශයෙන් නැවත පැමිණෙනවා. සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා උණ තත්ත්වයන් සමග අප දකින්නේ එයයි" රයන් පැවසීය.

නමුත් දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් රයන් පැවසීය.

"ඔවුන් පළමු රැල්ලේ උච්චතම අවස්ථාව පසුකර ගිහින්. නමුත් ඔවුන් රෝගය තවම අඩුකර නැහැ. ඔවුන් ස්ථාවර තත්ත්වයක සිටිමින් රෝගය අවම කිරීමට ඉතා වෙහෙසකාරී පරිශ්‍රමයක් දරනවා. මේ අවස්ථාවේදී දෙවැනි උපරිමයක් ලැබෙනවා. දෙවැනි උපරිමයේදී ප්‍රජා ආශ්‍රිතව වෛරසය සම්ප්‍රේෂණය වීම තවමත් සිදුවෙනවා." රයන් සඳහන් කළේය.

"ඔබේ පළමු ආසාදිත රැල්ල තුළ ඔබට දෙවැනි උපරිමයක් තිබීමට පුළුවන්. දෙවැනි උච්චතම අවස්ථාව රඳා පවතින්නේ මේ මොහොතේ රෝගය පාලනය කිරීම කොතරම් හොඳද, කොතරම් ශක්තිමත්ද සහ ඵලදායීද යන්න මතයි. ඔබ දෙවැනි උච්චතම අවස්ථාව අත්විඳීමට පටන් ගන්නේ නම්, එම රෝගය පැතිරීමේ සම්භාවිතාව වන්නේ ඔබට ඒ පිළිබඳ පූර්ණ පාලනයක් නොලැබෙන අයුරිනුයි" රයන් පැවසීය.

සමහර විට රටවල් කොවිඩ්-19 පරීක්ෂාව හොඳින් සිදුකරන විට, ඔවුන්ගේ ආසාදිතයන් ගණන බොහෝ විට ඉහළ යන බව රයන් පැවසීය.

මෙය දෙවැනි රැල්ලක හෝ උච්චයක කොටසක් දැයි මැන බැලීම සඳහා මෙම සලකුණු සොයා බලන ලෙස වෛද්‍ය රයන් සඳහන් කළේය.

"රෝහල් ගතවීම් සහ මරණ වැනි දේවල් දෙස බැලීම මේ අවස්ථාවේදී ඉතා වැදගත්. එනම් පරීක්ෂා කිරීම් නොමැතිව රෝහල්ගත වීම ඉහළ යන බව ඔබ දැකීමට පටන් ගන්නේ නම් වැඩි අවධානයක් යොමුකළ යුතුයි."

එසේම සම්ප්‍රේෂණය ඉතා අඩු ස්ථානවල පොකුරු ගැන රටවල් විමසිල්ලෙන් සිටිය යුතු බවද රයන් පැවසීය.

"ඔබ ඉතා අවම මට්ටමින් රෝගයට ගොදුරු වූ රටක් ලෙස ඔබ යම් පොකුරක් දුටුවොත් වහාම ඔබ ඒ පොකුරු ලුහුබැඳිය යුතුයි. එය අල්ලා ගත යුතුයි. ඔබ ඒ පොකුරු ඉතා බැරෑරුම් ලෙස ගත යුතුයි. ඒ වෙනකක් නිසා නොවෙයි, ඔබට එම දෙවැනි උපරිමයෙන් වැළකී සිටීමට අවශ්‍ය නිසයි. නැවත ප්‍රජා සම්ප්‍රේෂණයට යාමෙන් වැළකී සිටීමට ඔබට අවශ්‍ය නිසයි."



Recommended Articles