කොවිඩ් තවත් පැතිරීම නිසා සිඩ්නි අගුලු දැමීම් දීර්ඝ වෙයි


රටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 වෛරසය පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශ කරා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක අගුලු දැමීමක් දක්වා දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසා දැමීමෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට අගමැති ස්කොට් මොරිසන් විසින් මූල්‍ය සහන ලබාදීමෙන්ම, ප්‍රාන්ත නිලධාරීන්ගේ නිවේදනයකට පෙර අගුලු දැමීම සම්බන්ධ ඉඟියක් ඉන් කියවුණි.

නිව් සවුත් වේල්ස් මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් ප්‍රාදේශීය අද එරට වේලාවෙන් පෙ.ව.11.00ට මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ නිවේදනය කිරීමට නියමිතය.

දැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න වූ විට පමණක් බව ඇය නැවත නැවතත් පවසා තිබුණි.

මෑත දිනවල එම සංඛ්‍යාව පහත වැටී ඇති නමුත් එම නිර්ණායකයන්ට වඩා ඉහළින් පවතී.



Recommended Articles