කොවිඩ් ගෝලීය ආසාදිතයන් මිලියන 4 පනී - 279,000 මරුට


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය ආසාදිතයන් මිලියන 4 සීමාව පසුකරමින් අද (10දා) අලුයම වනවිට, 4,023,218ක් ලෙස සටහන් වෙයි.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලොව පුරා නිල දත්ත සම්පිණ්ඩනය කරමින් ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මෙය අනාවරණය කරයි.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති පිරිස අද (10දා) අලුයම වනවිට වාර්තා වූයේ 279,303ක් ලෙසිනි.

නිල දත්තවලට අනුව වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ඇති පිරිස 1,369,553ක් ලෙස සටහන්ව තිබේ.



Recommended Articles