කොවිඩ් ගැන අනාවැකි කියූ බිල් ගේට්ස්ට කොවිඩ් හැදිලා


විශ්‍රාමික මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතම පරිත්‍යාගශීලියෙකු වන බිල් ගේට්ස් අඟහරුවාදා කියා සිටියේ තමා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවයි.

කෙසේ වෙතත්, එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන ඇති ඔහු සුවය ලබන තෙක් හුදෙකලා සිටින බවද සඳහන් කර ඇත. මෙම නිවේදනය නිකුත් වූයේ ගේට්ස් තවත් වසංගත වැළැක්වීමේ පියවරයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඔහුගේ පදනම සකස් කර, විෂය පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.

"මම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබෙනවා. මම මෘදු රෝග ලක්ෂණ අත්විඳින අතර, නැවත සෞඛ්‍ය සම්පන්න වන තෙක් වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් හුදකලාව සිටිනවා." ගේට්ස් අඟහරුවාදා ට්වීටර් පණිවුඩයක් තබමින් පැවසීය. එසේම තමා එන්නත් මාත්‍රා ද්විත්වය මෙන්ම, බූස්ටර් මාත්‍රාවද ලබාගෙන සිටීම වාසනාවන්ත වූ බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles