කොවිඩ්-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී විය හැකි ඖෂධවල සායනික අත්හදා බැලීම්හි මූලික ප්‍රතිඵලය තව සති දෙකක් ඇතුළත අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර, කොවිඩ්-19 එන්නත මහා පරිමාණයෙන් බෙදා හැරීමට සූදානම් වන්නේ කවදාදැයි අනාවැකි කීම අඥාන දෙයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසීය.
එන්නත අපේක්ෂකයෙකුට වසර අවසාන වනවිට එහි ඵලදායී බව පෙන්විය හැකි අතර, එය කොතරම් ඉක්මනින් මහා පරිමාණයෙන් නිපදවිය හැකිද යන්න ප්‍රශ්නයක් විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.