කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් බව කියන ජර්මානුවා


නැගෙනහිර ජර්මනියේ සැක්සොනි ප්‍රාන්තයේ නාඳුනන 61 හැවිරිදි පුද්ගලයෙකුට අවම වශයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 87ක් විදෙගන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සමහර අවස්ථාවලදී, ඔහු එක් දිනක් තුළ මාත්‍රා තුනක් පමණ ලබා ගත් බව විශ්වාස කෙරේ. එන්නත් විදේශ ගමන් බලපත්‍ර අලෙවි කළ බවට සැකපිට ජර්මානු රතු කුරුස සංවිධානය මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල කර ඇති බව එම පුවත්පත පවසයි.

සැක්සොනි හි රතු කුරුස ශාඛාවකින් ලැබුණු පැමිණිලි අනුව ජර්මානු බලධාරීන් මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව හෙළිවෙයි.



Recommended Articles