කොවිඩ් ඉන්දීය කතුන් රැකියා වෙළෙඳපොළින් ඉවත් කරලා


කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටුණු ආර්ථිකයන් සමග ඉන්දියාවේ අවිධිමත් හා නුපුහුණු රැකියාවන්හි නියතව සිටි මිලියන ගණනක් වූ කාන්තාවන්ට සිය වෘත්තීන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ බොහෝ රැකියා කරන කාන්තාවන් ගොවිපල සහ කර්මාන්ත ශාලා සහ ගෘහස්ථ ආධාර වැනි අවම කුසලතාවලින් යුත් රැකියාවන්හි නිරතව සිටියත්, නරකම තත්ත්වය වන්නේ, අපේක්‍ෂිත මන්දගාමී ආර්ථික ප්‍රකෘතිමත් වීම, කර්මාන්ත ශාලා දහස් ගණනක් වසා දැමීම සහ මන්දගාමී එන්නත් කිරීමේ අනුපාතය, විශේෂයෙන් ශ්‍රම බලකාය වෙත ආපසු යාමට එම කාන්තාවන් විසින් දරන උත්සාහය අඩපණ කර තිබීමය.

"පසුගිය දශකය තුළ ඉන්දියානු කාන්තාවන් කුමන සමාජ හා ආර්ථික ජයග්‍රහණ ලබා ගත්තද, එය කොවිඩ්-19 කාලය තුළදී විශාල වශයෙන් අතුගා දමා තිබෙනවා" ඉන්දියාවේ විශාලතම වෘත්තීය සමිතිවලින් එකක් වන සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් අමර්ජිත් කවුර් පැවසීය.

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල දශක හතක් තිස්සේ දැනටමත් නරකම අවපාතයේ සිටි ඉන්දියාවේ ආර්ථික ආතතිය ගැඹුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ඉන්දියානුවන්ගෙන් අතිමහත් බහුතරයක් අවිධිමත් අංශයේ සේවය කරන බැවින් රැකියා අහිමිවීම් පිළිබඳ නිශ්චිත තක්සේරු කිරීම්ද දුෂ්කර ය.



Recommended Articles