කොවිඩ් ආසාදිතයන් ලොව පුරා 600,000කට ආසන්නයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ලොව පුරා 595,800ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත උපුටා දක්වයි.

එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බවද එම වාර්තා කියයි.

මින් වැඩිම ආසාදිතයන් පිරිස මේ වනවිට එක්සත් ජනපද‍යෙන් වාර්තා වන අතර එම අගය 103,942කි. දෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිස 86,498ක් ලෙස ඉතාලියෙන්ද, තෙවනුව මේ වනවිට වෛරසය පාලනය කර ඇති චීනයෙන් ආසාදිතයන් 81,897ක්ද, සිව්වනුව ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 65,719ක්ද, ජර්මනියෙන් ආසාදිතයන් 50,871ක්ද ලෙස වාර්තා වෙයි.



Recommended Articles