කොවිඩ් ආසාදිතයන් ඉහළ යද්දී ඉරානයෙන් නව සීමා


ඉරානයේ නව කොරෝනා ආසාදිතයන් ඉහළ යත්ම එරට මුඛ ආවරණයක් නොපැලඳ සිටින ඉරාන ජාතිකයන්ට රාජ්‍ය සේවය අහිමි වන බවත්, සෞඛ්‍ය සේවා කෙටුම්පතට අනුකූලව කටයුතු නොකරන සේවා ස්ථාන සතියක් සඳහා වසා තබන බවත් ජනාධිපති හස්සන් රොයුහානි නියෝග කරයි.

ඉරානය මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීම සමග පොරබදමින් සිටින අතර සෙනසුරාදා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,878ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

එමෙන්ම තවත් ආසාදිත මරණ 148ක් සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 11,408ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශිකා සිමා සදාත් ලාරි සඳහන් කළේය.



Recommended Articles