කොවිඩ් ආසාදිත සුනඛයෙක් ඇමෙරිකාවේදී මිය ගිහින්


ඇමෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරොලිනා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව විසින් කොවිඩ්-19 හෙවත් SARS-CoV-2 වෛරසය ආසාදිත මියගිය සුනඛයෙකු පිළිබඳ පුවතක් වාර්තා කර තිබේ.

අගෝස්තු 3දා මෙම සුනඛයාගේ හිමිකරුවා විසින් ඔවුන්ගේ සුරතලා උතුරු කැරෝලිනා රජයේ පශු වෛද්‍ය රෝහලට රැගෙන ගොස් ඇති අතර, සුනඛයා ශ්වසන අපහසුතාවයේ සලකුණු පෙන්වමින්, අසනීප තත්ත්වය හේතුවෙන්ම මියගොස් තිබේ.

මීට පෙර මෙම පවුලේ සාමාජිකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව අයිතිකරු රෝහලට පැවසීය. එහිදී සුනඛයා පරීක්ෂා කිරීමේදී SARS-COV-2 සඳහා ධනාත්මක බව තහවුරු කරගෙන තිබේ.

"සුනඛයින්ට වෛරසය වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවට මේ වනවිට කිසිදු සාක්ෂියක් නැහැ. එබැවින් නිවැසියන්ට හෝ අනෙක් සතුන්ට හානියක් ඇති බව සිතිය නොහැකියි" රජයේ පශු වෛද්‍ය වෛද්‍ය ඩග් මෙක්ස් පැවසීය.



Recommended Articles