කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින වෙත චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් විශේෂ පණිවුඩයක් යවමින් ඇයට ඉක්මන් සුවය පාර්ථනා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
95 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව බකිංහැම් මාලිගය පසුගිය ඉරිදා තහවුරු කළේය.
චීන-බ්‍රිතාන්‍ය සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, දෙරට අතර තානාපති මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ශවය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ජනාධිපති ෂී සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස මෙම 50 වැනි සංවත්සරය චීන නායකයා සලකනු ලැබ තිබේ.