ලොව පුරා වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති රටවල් ලැයිස්තුවෙන් චීනය පසුකරමින් තවත් රාජ්‍යයන් දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව නව ආසාදිතයන් 4,149ක් සෙනසුරාදා දිනයේ වාර්තා කරමින් කොලොම්බියාව මෙසේ ඉදිරියට පැමිණි නවතම රට බවට පත්ව තිබේ. එරට නව කොවිඩ්-19 මරණ 128ක්ද එදින වාර්තා වූ අතර, එය රටපුරා සමස්ත මරණ 2,939ක් දක්වා වර්ධනය කර තිබේ.
මෙම ආසාදිත පිරිස සමග කොලොම්බියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිත අගය 88,591ක් වන අතර, එය වෛරසය මුලින්ම පැතිර ගිය චීනය වාර්තා කර තිබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව වන 84,726ක් අබිබවා ලැයිස්තුවේ ඉහළට පැමිණීමකි.
මීට පෙර කටාර් රාජ්‍යයද චීනය පසුකරමින් ඉදිරියට පැමිණ තිබූ අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව කටාර් රාජ්‍යයේ මේ වනවිට සමස්ත ආසාදිත අගය 93,663කි. එරට මරණ සංඛ්‍යාව 110කි.