ගෙවීගිය දිනයේ ඉන්දියාව තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 10,956ක් වාර්තා කර ඇති අතර, එය එක් දිනක් තුළ වැඩිම ආසාදිත වර්ධනයක් සේම, ප්‍රථම වරට ආසාදිතයන් සංඛ්‍යාව 10,000කින් ඉහළ යෑමකි.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලින් වාර්තා වූ කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 297,535ක් වන අතර, මරණ 8,498කි. එසේම වෛරසය ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන් 147,194ක් ලෙස සටහන් වේ.
ඒ අනුව ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ මේ දක්වා සිව්වැනි ස්ථානය ගෙන සිටි එක්සත් රාජධානිය පසු කරමින්, ඉන්දියාව ආසාදිත ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්ව තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් රාජධානියේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 294,402ක් මේ වනවිට වාර්තා වෙයි.