ගෙවීගිය සිකුරාදා කොවිඩ්-19 ආසාදිතයන් 54,771ක් බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වාර්තා කර ඇති අතර එය දෛනිකව වාර්තා වූ ඉහළම ආසාදිතයන් ප්‍රමාණ්‍ය වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (20දා) අලුයම වනවිට එරට සමස්ත ආසාදිත අගය 1,032,913ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුතින් වාර්තා වූ සිද්ධීන් සමග බ්‍රසීලය ලොව පුරා වෛරස ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කළ දෙවැනි රට බවට පත්ව තිබේ.
මීට අමතරව ගෙවීගිය සිකුරාදා බ්‍රසීලය වෛරසයෙන් නව මරණ 1,206ක් වාර්තා කර ඇති අතර, ඒ සමගම රටේ සමස්ත කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 48,954ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වගකීමෙන් තොරව කොවිඩ්-19 පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය සමස්ත රටක්ම මේ වනවිට අරාජික තත්ත්වයට පත්කර ඇති අතර, වෛරසය හමුවේ ලොව වේගයෙන්ම අභාවයට යන රටක් බවට බ්‍රසීලය පත්කර ඇත.