කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින මාලදිවයින් ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සෝලි වෙත චීන ජනාධිපති ෂී ජින්පිං පණිවුඩයක් තබා තිබේ.
එම පණිවිඩයෙන් චීන නායකයා විසින් මාලදිවයින් නායකයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කර ඇති අතර, වසංගතයට එරෙහි සටනේදී මාලදිවයිනට අඛණ්ඩව සහාය දක්වන බවද සඳහන් කර ඇත.
එමෙන්ම, චීන-මාලදිවයිනේ සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, දෙරටේ සහ ඔවුන්ගේ ජනතාවගේ ප්රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර ප්රගතිය ප්රවර්ධනය කිරීම සඳහා ජනාධිපති සෝලිහ් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් චීන ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.