කොවිඩ් ආසාදිත ජපාන අගමැතිට සුවය පතයි!


ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාට කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව චීන ජනාධිපති ෂී ජින්පිං ඔහුට ඉක්මන් සුවය පතා පණිවුඩයක් යවා තිබේ.

චීන-ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ 50 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරන බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා, නව යුගයේ අවශ්‍යතා සපුරාලන චීන-ජපාන සබඳතා ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා කිෂිඩා සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද එහි සඳහන් කර ඇත.

මේ අතර, චීන අගමැති ලී කෙඛින්ද ජපාන අගමැතිවරයා වෙත සුවය පතමින් පණිවුඩයක් යවා තිබේ.



Recommended Articles