කොවිඩ් ආසාදිත ගර්භිණී කතුන්ට ඇති අවදානමක්


නව පර්යේෂණවලින් පෙනී යන්නේ කොරෝනා වෛරසයට වැදෑමහ ආක්‍රමණය කර විනාශ කළ හැකි අතර, ආසාදිත ගර්භිණී කාන්තාවන්ට මළ දරු උපත් ඇති කළ හැකි බවයි.

ඕනෑම ගැබ් ගැනීමක් සඳහා එය අසාමාන්‍ය ප්‍රතිඵලයක් වන නමුත් කොවිඩ්-19 සහිත කාන්තාවන් ඉහළ අවදානමකට මුහුණ දෙන බැවින්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොවිඩ්-19 මර්දන එන්නත් මගින් මෙම අවස්ථා වළක්වා ගත හැකි බවයි.

එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක පර්යේෂකයන්, මියගිය දරු උපත් 64කින් සහ උපතින් ටික කලකට පසු මියගිය අලුත උපන් බිළිඳුන් 4දෙනෙකුගෙන් වැදෑමහ සහ මරණ පරීක්ෂණ පටක විශ්ලේෂණය කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ. සියලුම සිද්ධීන්වලදී එම කතුන් ඔවුන්ගේ ගර්භිණී සමයේදී කොවිඩ්-19 මර්දන එන්නත් නොකළ කාන්තාවන් බව කියයි.

අධ්‍යයනය කුඩා සිද්ධි වාර්තාවලින් සාක්ෂි ශක්තිමත් කරන අතර, කොවිඩ්-19 ආශ්‍රිත බොහෝ මළ දරු උපත්වලට හේතුව කලලයට ආසාදනයකට වඩා වැදෑමහ හානිය බව තහවුරු කරන බව නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ ෆයින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ ව්‍යාධි විද්‍යාඥ ආචාර්ය ජෙෆ්රි ගෝල්ඩ්ස්ටයින් පැවසීය.

වැදෑමහ යනු ගර්භණී සමයේදී ගර්භාෂයට සම්බන්ධ වන ඉන්ද්‍රියයකි. එය පෙකණි වැල සමග සම්බන්ධ වන අතර, මවගේ රුධිර ප්‍රවාහයෙන් ඔක්සිජන් සහ පෝෂණය සපයයි.

වෛරසය රුධිර ප්‍රවාහය හරහා වැදෑමහ වෙත ළඟා විය හැකි අතර, සංවේදී සෛලවලට සම්බන්ධ වී ප්‍රෝටීන් තැන්පතු සහ අසාමාන්‍ය ආකාරයේ දැවිල්ලක් ඇති කරමින් රුධිර ප්‍රවාහය සහ ඔක්සිජන් අවහිර කරයි. එය, වැදෑමහ පටක මරණයට හා හුස්ම හිරවීමට හේතු වූ බව පර්යේෂකයෝ පැවසූහ.

නොවැම්බරයේ එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන වාර්තාවකට අනුව, කොවිඩ්-19 ආසාදිත එක්සත් ජනපදයේ ගර්භිණී කාන්තාවන් අතර, දරු උපත් 80කින් එකක් පමණ මළ දරු උපත්, සති 20කට පසු ඕනෑම වේලාවක කලලයක් අහිමි වීම හඳුනාගෙන තිබේ. එය ආසාදිත නොවන කාන්තාවන් 155දෙනෙකුගෙන් එක් අයෙකු සමඟ සසඳන විට දත්තයන්ය.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ආසාදනයෙන්ද මළ දරු උපත් සඳහා අවස්ථා වැඩි කරයිද යන්න තවමත් පැහැදිලි නැත. මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ, අධික ආසාදනයක් ඇති කරන ඔමික්‍රෝන් ප්‍රභේදයක් මතුවීමට පෙරය.



Recommended Articles