කොවිඩ් ආසාදනය වූ සිරියානු ජනපතිට හා ආර්යාවට සුවයිලු


සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ්-19 වෙතින් සුවය ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.

කෙසේ වෙතත් ඔවුනගේ තත්ත්වය ඒ අවස්ථාවේ සිටම බරපතළ නොවූ අතර, ඔවුන් මෙම කාලය තුළ හුදකලාව කටයුතු කර තිබුණි.



Recommended Articles