රුසියාවේ කොවිඩ්-19 පැතිරීම මන්දගාමී කිරීමේ බලාපොරොත්තු ඇතිව, මොස්කව් නුවර ළදරු පාසල්, පාසල්, ජිම්, විනෝදාස්වාද ස්ථාන සහ බොහෝ වෙළෙඳසැල් වසා දැමූ අතර අවන්හල් සහ කැෆේවලට ආහාර රැගෙන යාම හෝ බෙදා හැරීම සඳහා පමණක් සේවා සැපයීමේ අවස්ථාව ලබාදී තිබේ.
රුසියාවේ නව දෛනික රෝගීන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 40,000කට වඩා වැඩි වූ අතර, එය එරට දෛනික ආසාදිතයන්ගේ වාර්තාවක් යළි අලුත් කිරීමක් විය.
මෙම නවතම ලොක්ඩවුන්වීම බොහෝ පුද්ගලයින් කාර්යාලවලින් සහ පොදු ප්‍රවාහනයෙන් බැහැරව තබා ගැනීම හරහා වෛරසය පැතිරීම මැඬපැවැත්වීමට උපකාරී වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.