කොවිඩ් අවදානම නොතැකූ ඉන්දීය අමර්නාත් වන්දනාව


කොවිඩ්-19 අවදානම නොතකා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් හින්දු බැතිමතුන්ට අමර්නාත් හි හිමාලයානු ගුහා දේවස්ථානය නැරඹීමට අවසර දීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් කාශ්මීර විශ්ලේෂකයින්ගේ තීරණය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පටහැනි මෙම ක්‍රියාව අනවශ්‍ය අවදානමක් ඇති කරන්නක් බවයි.

ඉන්දියාව පුරා වන්දනාකරුවන් සිය දහස් ගණනක් පැමිණෙන වාර්ෂික අමරනාත් යාත්‍රාව (ගමන) ජූලි 21දා ආරම්භ වීමට ඇති අතර, මේ වසරේ නව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් එය සති දෙකකට කෙටි කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාව ලෝකයේ තෙවැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රට ලෙස මිලියනයකට ආසන්න ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි. එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 25,000 සීමාව පැමිණ තිබේ.



Recommended Articles