කොවිඩ්-19 වසංගතය තවදුරටත් ඉතා ඉක්මනින් වෙනස්වන සුලු වෛරසයක් නිසා එහි අවදානම බැහැර නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉතා අවම පරීක්ෂණයන් ප්‍රමාණයක් ලොව පුරා සිදුවන පසුබිමකත් පසුගිය දින 28ක කාලය තුළ ලොවපුරා කොවිඩ් මරණ 23,000ක් සහ නව ආසාදිතයන් මිලියන 3ක් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ මයික් රයන් පවසා සිටියේ ආසාදිත සංඛ්‍යාවන් පහළ ගියත්, තවමත් ආසාදිතයන් සහ මරණ වාර්තා වන බවයි.
"අපි තවමත් වසංගතයේ ස්විචය නිවා දැමුවේ නැහැ. ඇතැම්විට ඉදිරියේදී තවත් අපහසු මාර්ගවල අපට යන්නට සිදුවේවි. " යනුවෙන් පැවසූ රයන්, වෛරසය තවමත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් මෙන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් හෙබි පුද්ගලයන් කෙරෙහි අවදානමක් ඇතිකළ හැකි බවයි.