කොවිඩ්-19 වසංගතය අමතක කර මිනිසුන් තැබෑරුමකට හෝ ජනාකීර්ණ ස්ථානයක කිසිදු සෞඛ්‍යාරක්ෂක පිළිවෙතක් අනුගමනය නොකර රැස්කකා සිටින ආකාරය දුටුවිට තම රුධිරය දැවී යන බව එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි කියයි.
"ජනතාව සංවෘත ස්ථානයක, තැබෑරුමක හෝ ජනාකීර්ණ ප්‍රදේශයක රැස්කකා සිටින ආකාරය දුටුවිට මට පුදුම වේදනාවක් හා කනගාටුවක් දැනෙනවා. මගේ රුධිරය දැවී යනවා. ඔවුන් වසංගතය අමතක කොට හැසිරෙනවා." ඔහු පැවසීය.
"එවැනි අවස්ථාවන්හිදී මිනිසුන් අඩුම තරමින් මුඛ ආවරණයක් හෝ පැලඳ නොසිටියහොත් මේ වෛරසය ඔබට සැබෑවටම පිළිගන්නට වෙනවා." වොෂිංටන් පෝස්ට් සමග සාකච්ඡාවක එක්වෙමින් වෛද්‍ය ෆවුසි කීවේය.
"ඔබ වනාන්තරයක ඇවිද යනවා යැයි සිතන්න. ඔබට යාර 1,000කට පමණ කිසිවෙකු නොසිටිනවා නම් ඔබට මුඛ ආවරණයක් පැලඳීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබ සිටින අවටට මිනිසුන් ඇතුළු වුවහොත් පැලඳීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් සූදානම් කරගෙන සිටිය යුතුයි." වෛද්‍ය ෆවුසි නව කොරෝනා වෛරසයෙන් වැලකීම සඳහා අඩුම තරමින් මුඛ ආවරනයක් හෝ පැලඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් පවසා සිටියේය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,138ක් වන අතර, එරට වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 168,396කි.