චීනයේ ආනයනික නැවුම් හෝ සීතකළ ආහාර දාම සේවාවන් ආශ්රිත කොවිඩ්-19 ආසාදන අවස්ථා වාර්තා කරන බැවින් අඩු උෂ්ණත්වයක කොවිඩ්-19 වෛරසය පවතින කාලය දීර්ඝ විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.
"කොවිඩ්-19 වෛරසය අප නිරීක්ෂණය කළ පරිදි අඩු උෂ්ණත්ව පරිසරයක එයට දින 21ක් දක්වා ජීවත් විය හැකියි" ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පැවසීය. "එය වැඩි කාලයක් ජීවත් වන තරමට මිනිසුන්ට ආසාදනය වීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති."
ගෝලීය කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සහ උෂ්ණත්වය අතර සහසම්බන්ධය පිළිබඳ දත්ත රැස් කරන කණ්ඩායමකට ලියු නායකත්වය දුන්නේය. "සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා" ලියු පැවසීය.
වසන්ත සැණකෙළිය පැමිණ ඇති බැවින් ආනයනික නැවුම් හෝ ශීතකළ නිෂ්පාදනවල වර්ධනය වන වෙළෙඳ පොළක් රටතුළ පවතී. චීනය තුළ ජනවාරි 9දා සිට 25දා දක්වා ආනයනික චෙරි ආදායම වසරින් වසර 282%කින් ඉහළ ගොස් ඇති අතර, ආනයනික ශීතකළ මුහුදු ආහාර 200%කින් ඉහළ ගොස් තිබේ.
නැවුම් නිෂ්පාදන, මස් සහ මුහුදු ආහාර වැනි බොහෝ නිෂ්පාදන සීතකළ ආහාර දාම සේවාවන් මත බෙහෙවින් රඳා පවතින බැවින් සියලුම සීතල දාම ආනයනය නතර කළ නොහැකි බවද විශේෂඥයා පැවසීය.
"ආසාදන අවදානම පැමිණෙන්නේ නිෂ්පාදන පැටවීමේ සහ බෑමේ ක්‍රියාවලියෙනුයි" චීනයේ ලොජිස්ටික් සමාගමක් වන ජේඩී කොල්ඩ්චේන් හි නියෝජිත කේ රුයි පැවසීය.
ඒ අනුව සීතල දාම නිෂ්පාදන පැකේජ ආවරණයේ විෂබීජ නාශක මගින් වෛරසය පැතිරීමේ අවදානම ඵලදායී ලෙස අඩු කළ හැකි බව පැවසූ ඔහු, නිල සහ සුදුසුකම් ලත් වෙළෙඳපොළවලින් සීතල දාම නිෂ්පාදන මිලදී ගැනීමට සහ එම නිෂ්පාදන අමුවෙන් පරිභෝජනය කිරීමෙන් වැළකීමද වෛරසය පැතිරීම පාලනයට හේතුවන බව හෙතෙම සඳහන් කළේය.