කොවිඩ්-19 හේතුවෙන් ග්‍රැමී සම්මාන උළෙල කල් දැමේ


ලෝක ප්‍රකට සංගීත සම්මාන උළෙලක් වන ග්‍රැමී සම්මාන උළෙල මාර්තු මස 21 වැනි දින දක්වා කල්දමා ඇති බව සංවිධායකයෝ පවසති.

මෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.

63 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන සඳහා මෙවර ඉහළින්ම නිර්දේශ වූ ශිල්පීන් වූයේ බියොන්ස්, ඩුවා ලිපා, රොඩි රිච් සහ ටේලර් ස්විෆ්ට් ය.



Recommended Articles